gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝප් කමිටුවට හෙළිවන දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයත් එම කමිටුවට ලබා දෙන්න - ඇමති රන්ජන්

අපි පත්කරපු අයත් පඩි වාහන ගන්නැහැ කිව්වාට ඔවුන්ගේ දීමනා ගැනත් හෙළිවෙලා

කෝප් කමිටුවට අනාවරණය වන දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය කෝප් කමිටුවට පැවරිය යුතු බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (25 වැනිදා) කීවේය.
ඉකුත් මාස නවය තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් 190 ක්‌ රුපියල් ලක්‍ෂ 10 කට අධික වැටුප් ලබාගෙන ඇති බවට කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවේදී කළ අනාවරණය පිළිබඳව අදහස්‌ දක්‌වමින් රන්ජන් රාමනායක මහතා මෙසේ ද කීවේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය විනාශ කිරීම ආරම්භ කළේ හිටපු ජනාධිපතිතුමාගේ කාලයේ හිටපු සභාපති සජින් වාස්‌ ගුණවර්ධන වැනි පුද්ගලයෝයි. නිශාන්ත වික්‍රමසිංහ සභාපති ලෙස එම සමාගමෙන් මුදල් අවභාවිත කළ ආකාරය දැන් අනාවරණය වෙමින් යනවා. කෙසේ වෙතත් අපේ පාලනය යටතේ පත්කළ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය කියන්නේ ඔවුන් වැටුප් ලබා ගන්නේ නැහැ. වාහන ලබා ගන්නේ නැහැ කියලා. ඒත් කෝප් කමිටුව හමුවේ අනාවරණය වෙලා තිබෙනවා ඔවුන් විශාල දීමනා ලබන බව. මෙවැනි කෝටි ගණනක්‌ පාඩු ලබන ආයතනයකින් එවැනි විශාල දීමනා ලබා ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. කෝප් කමිටුවේ සාමාජිකයෙක්‌ විදියට මමත් කියන්නේ මෙවැනි දූෂිතයන් රාජ්‍ය ආයතනවලින් වහාම ඉවත් කර ඔවුන් යම් අයථා ගනුදෙනු සිදු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ බලය කෝප් කමිටුවට ලබාදී එහි බලය වැඩි කළ යුතු බවයි.

දූෂණය ගැන අපේ ආණ්‌ඩුවට ඇඟිල්ල දිගු කරන පසුගිය පාලකයෝ තම පාලන කාලය තුළ සිදුකළ දූෂිත ගනුදෙනු ගැන දැන් අනාවරණය වෙමින් තිබෙනවා. අපිට චෝදනා කරන්නේ බැඳුම්කර ගනුදෙනුව ගැන පමණයි. නමුත් ජනාධිපතිතුමා කියලා තිබුණා එදා මෙදා බැඳුම්කර නිකුතු වලින් සිදුවූ පාඩුව රුපියල් බිලියන 1000 ක්‌ කියලා. අපේ කාලයේ සිදුවූ පාඩුව බිලියන 111 යි. එහෙම නම් ඉතිරි බිලියන 889 ම හොරකම් කරලා තියෙන්නේ පසුගිය පාලන කාලයේ. අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා එම දූෂිතයොත් වහාම අල්ලලා හිරේ දාන්න කියලා පොලිසියට නියම කරන්න කියලා. අපි අපේ කාලයේ සිදුවූ සොරකමට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර එම ආදර්ශය දී තිබෙනවා යෑයි ද ඇමැතිවරයා කීවේය.

දිවයින


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka