gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකා බැංකුවේ සභාපති පත්කිරීම : ජනපති -අගමැති ගැටුමක් !

ලංකා බැංකුවේ සභාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර යලි ගැටුමක් හටගෙන ඇත. ඒ ලංකා බැංකුවේ සභාපති ලෙස කටයුතු කල ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා යලි පත්කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර තිබිය දී ජනාධිපතිවරයා ඊට දැඩි ලෙස විරෝධය දැක්වීමයි.
රොනල්ඩ් සී. පෙරේරා මහතාට බරපතල මුල්‍ය චෝදනා ඇතැයි දැනුම් දී ඇති ජනාධිපතිවරයා, එහෙයින් ලංකා බැංකුවේ සභාපති ලෙස වෙනත් අයකු නිර්දේශ කර එවන්නැයි අගමැතිවරයාට දැනුම් දී ඇත.

රාජ්‍ය බැංකු ඇතුළු රජයේ මුල්‍ය ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් නිර්දේශ කිරීම අගමැතිවරයාගේ මැදිහත්වීම මත සිදුවේ.

කෙසේවුවද, රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් පනවනු ලැබ තිබෙන කොන්දේසි හේතුවෙන් මෙතෙක් කලක් එම තනතුරු දැරූ සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවකට තනතුරු අහිමි වී තිබේ.

ජනාධිපතිගේ චක්‍ර ලේඛනය :

සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායකයන් ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා නිකුත් කර තිබිණ.

එම චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතනයක සභාපති ධූරයක් දැරීම සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ විදේශ විශ්ව විද්‍යාලයක උපාධියක් ලබා තිබීම අනිවාර්ය වන අතර එවැනි තනතුරක් දරන පුද්ගලයෙකු වයස අවුරුදු 70කට අඩුවිය යුතුය.

මීට අමතරව වෘත්තීමය හා කළමණාකරන මට්ටමේ අත්දැකීම් තිබිය යුතු අතර අදාළ සේවයේ වසර 10ට වැඩි වෘත්තීය පළ පුරුද්ද තිබීම විධායක මට්ටමේ වසර 10කට වඩා අද්දැකීම් ඇති විශ්‍රමික රාජ්‍ය නිලධාරීන් වීම කර්මාන්ත කෘෂිකර්ම ව්‍යාපාරික හා කළමණාකරන ආදී අංශයක විශේෂ නිපුණතාවයක් ඇති තැනැත්තකු වීම කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත පුද්ගලික සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරියකු ලෙස සේවය කර ඇති තැනැත්තකුවීම ආදී ලෙස සුදුසුකම් තිබිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

මීට අමතරව එම චක්‍රලේඛයට අනුව ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් දරන්නෙකුට රාජ්‍ය ව්‍යවසාය ආයතනයක අධ්‍යක්ෂවරයෙකු විය නොහැකි බවටද කොන්දේසියක් පනවා ඇත.

මීට අමතරව අධ්‍යක්ෂවරයෙකුට රාජ්‍ය ව්‍යවසායන් තුනකට වඩා එකවර අධ්‍යක්ෂධූර නොදැරිය යුතු බවද අධ්‍යක්ෂධූරයක් වසර තුනකට වඩා වැඩි නොවිය යුතු අතර එකම අධ්‍යක්ෂධූරයක් දැරිය හැකි උපරිමවාර ගණන 3ක් විය යුතු බවටද කොන්දේසියක් පනවා තිබේ.

'ජනපතිගේ චක්‍රලේඛය හොඳ පියවරක්' - අගමැති

රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථාවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය ඉතා හොඳ පියවරක් බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන්ට දැනුම් දෙනු ලැබීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කළේ කොළඹ අරලියගහ මන්දිරයේදී පසුගිය 06දා රාත්‍රී පැවැති පුර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමිනි.

මේ අතර රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථාවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට විෂය බාර අමාත්‍යවරුන් විසින් නිර්දේශකරන පුද්ගලයින්ගේ සුදුදුකම් පරික්ෂා කර බැලීම සඳහා අගමැතිවරයා විසින් ද ත්‍රී පුද්ගල කමිටුවක් පත්කර ඇත.

කබීර් හෂීම්, සාගල රත්නායක හා ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් ගෙන් එම කමිටුව සමන්විතවේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka