gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන වරායෙන් හොර රහසේ පලා ගිය ගුවන් යානය ගෙන්වා ඇත්තේ ආණ්ඩුකාරයෙක් හා ඔහුගේ පුතා !

ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩල නීතිරීතිවලට පටහැනිව හිටපු ආණ්ඩුකාරවරයකු හා ඔහුගේ පුතකු ආයෝජන මණ්ඩලයේ මැදිහත්වීමකින් තොරව විදේශීය ආයෝජකයන් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් තීරණය කර තිබේ.

පසුගිය 3 වැනිදා විශේෂ පෞද්ගලික ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණ ඇති මෙම ආයෝජකයන් පිරිස ඉකුත් 6 වැනිදා චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ආපසු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවත් ඔවුන් සාම්පූර්හි ඩොලර් මිලියන 1.75 ආයෝජනයක් සිදු කිරීමට එකඟ වූ බව එකී හිටපු ආණ්ඩුකාරවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ කවර පදනමක් මතදැයි සොයා බැලිය යුතු බවත් එම මන්ත්‍රිවරු පිරිස අවධාරණය කරති.

විදේශ ආයෝජකයන් පිළිබඳව පසුගිය කාලය තුළ විවිධ චෝදනා එල්ල වූ පසුබිමක වත්මන් ආණ්ඩුව යටතේ ආයෝජකයන් සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන එම මන්ත්‍රිවරුන් පිරිස මෙම ආයෝජකයන් රටින් පිටව ගිය ආකාරය පිළිබඳව එල්ල වී ඇති චෝදනාද නොසලකා නොහැරිය යුතු බවද සඳහන් කරයි.

මව්බිම


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka