gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆැපරල් සංවිධානය අගමැතිට නඩු දාන්න යයි

පළාත් සභා සීමා නීර්ණ කමිටුවේ සමාලෝචන කමිටු වාර්තාව ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ අගමැති ප්‍රමුඛ කමිටුවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට ෆැපරල් සංවිධානය කටයුතු සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

පළාත් සභා සීමා නිර්ණ කමිටුව දෙවැනි වර ඉදිරිපත් කිරීමේදී මාස 4 ක් ඇතුළත එය ඉදිරිපත් කිරීමේ කාල රාමුවක් ඇතුළත් කර තිබූ අතර එය නියමිත කාලයට ඉදිරිපත් වුවත් පාර්ලිමේන්තුවේදී අදාළ වාර්තාව මසක කාලයකදී සම්මත කර ගැනීමට හැකියාව තිබුණද පාර්ලිමේන්තු අසමත්භාවය හේතුවෙන් එය තුන්මසක් ඇදුනු බව ෆැපරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අදහස වී තිබේ.

මෙම තත්ත්වය මත කථානායකවරයා, අගමැතිවරයාගේ මූලිකත්වයෙන් සමාලෝචන කමිටුවක් පත් කළ අතර එහි වාර්තාව මාස දෙකකින් ලබාදිය යුතු වුවත් මේ වන විට ඊට මාස හතරක් ගතව ඇති බවද හෙට්ටිආරච්චි මහතා අරුණ පුවත් පතට පවසා ඇත.

ඔහු එම පුවත්පතට වැඩිදුරටත් මෙසේ පවසා තිබේ.

‘‘සමාලෝචන කමිටුව වලංගුද කියන එක ගැන දැන් ප්‍රශ්නයක් තියෙනවා. කොහොම හරි මාස 4 ක් දැනට ගතවෙලා. එතෙක් මාස එකහමාරක් විතර රටේ දේශපාලන අස්ථාවරභාවය නිසා කාලය ගියා. කෙසේ වෙතත් දේශපාලන වුවමනාවක් තියෙනවා නම් මැතිවරණය තියන්න අලුත් කමිටුවක් පත් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නොවුණොත් අපි ඊට එරෙහිව අධිකරණයට යෑමට අවශ්ය පසුබිම මේ දිනවල නීතිඥයන් මගින් සොයමින් ඉන්නවා’’
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka