gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාර්තු 5 අය-වැය පරාජය කිරීමේ මෙහෙයුමක් !

ලබන මාර්තු 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය-වැය යෝජනාව පරාජය කිරීමට ප්‍රධාන විපක්ෂය දේශපාලන වාතාවරණයක් සකස් කිරීමේ ක්‍රියාවක් අරඹා සිටියදී ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමක් අමාත්‍යාංශ අය-වැය ශීර්ෂ කීපයකට ඡන්දය දීමෙන් වැළැකී සිටීමට තීරණය කොට තිබේ.
ප්‍රධාන විපක්ෂයේ අරමුණ වන්නේ අය-වැය පරාජය කොට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් ලබාගැනීමයි.

අය-වැයක් පරාජයට පත් වුවහොත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බව ඔවුන්ගේ තර්කයයි.

දෙමළ ජාතික සන්ධානය එක්ව ගත්තද 113ක් වන සරල බහුතරය පාර්ලිමේන්තුව තුළ වර්තමාන ආණ්ඩුවට නොමැති බවත් 102ක් වී තිබෙන ආණ්ඩු පක්ෂයේ සංයුතිය මේ වන විට පහත වැටෙමින් පවතින බවත් ප්‍රධාන විපක්ෂය පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද උග්‍රවීම හමුවේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ පහසුවෙන් පරාජය කිරීමට හැකි බවත් මුදල්වලට අදාළ පනතක් පාර්ලිමේන්තුවේ පරාජයට පත් වුවහොත් ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක්වන නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යෑමට වැඩි හැකියාවක් පවතින බවද පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

මලික් විරෝධය පිටුපස අගමැතිට සමීප ඇමතියෙක් !

ලබන 8 වැනිදා පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බරපතළ ලෙස ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනකු සූදානමින් සිටින බව එජාප රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි හේෂා විතානගේ මහතා පසුගියදා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවුණහොත් එම අමාත්‍යවරයාගේ වැය ශීර්ෂයේදී ඡන්දය දීමෙන් වැළැකී සිටින බවත් ඊට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකු සම්බන්ධයෙන් මතුවී තිබෙන බරපතළ ගැටලු කිහිපයක් ඉදිරිපත් කිරීම ඇතුළු දේශපාලනයේ උණුසුම් කරුණු කිහිපයක් ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විතානගේ මන්ත්‍රිවරයා කීය.

මෙම කරුණු ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා 8 වැනිදා පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට පෙර 07 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනා කොළඹදී රැස්වීමට නියමිත බවද විතානගේ මහතා ප්‍රකාශ කළේය.

එජාප පසුපෙළ කතා ගැන පොහොට්ටුවට සැකයක්

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මේදිනවල ආණ්ඩුව සම්බන්ධයෙන් සිදු කරන විවේචන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහා අගමැතිවරයා විසින් යොදා ඇති උපක්‍රමයක් දැයි සැක සහිත බවයි.

ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ඒ පිළිබඳ අදහස් දැක්විය.

එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කතා ආණ්ඩු විරෝධය වෙනතකට යොමු කරවීමේ උපක්‍රමයක් ලෙස ඔහු අර්ථ දැක්විය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka