gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීට සහය දෙන්න බැහැ -පොහොට්ටුව දැඩි ස්ථාවරයක !

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස නම් නොකිරීමට පොහොට්ටු පක්ෂය දැනටමත් තීරණය කර ඇතයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ සම්බන්ධයෙන් මේවනවිට නොනිල මට්ටමින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි එම පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.
කෙසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශකර ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කිරීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, පොදුජන පෙරමුණත් (පොහොට්ටුව) කොන්දේසි විරහිතව සහාය ලබාදිය යුතු බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව ද හෙතෙම අවධාරණය කර සිටියි.

පොදුජන පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපේක්ෂකත්වයට විරුද්ධ වීමට කිසිම සදාචාරාත්මක අයිතියක් දැන් නැතැයි ද දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධාන ගැහිල්ලත් කොට උඩ !

ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාව අගමැති හැටියට පත් කළ බවත්, පසුව විපක්ෂනායකකම දුන් බවත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තාට පසුව මන්ත්‍රීකමත් රැක දුන් බවත් දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර සතිඅන්ත 'අනිද්දා' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහතික නොවුහොත් එම පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගීම සිදු නොවනු ඇති බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka