gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සේනා සම්පූර්ණයෙන්ම වනසන්න නාමල් සල්ලි ඉල්ලයි

බඩ ඉරිගු වගාවට ව්‍යාප්ත වි ඇති සේනා දළඹුවා විනාශ කිරිමට නම් සේනා දලඹුවා වටිනාකමක් ලබා දි සේනා දළඹුවන් විනාශ කරන ගොවින්ට තැගි මුදලක් ලබා දෙන්නේ නම් සේනා දළඹුවා සම්පුර්ණයෙන්ම විනාශ කිරිමට ගොවින් කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසිය.
නාමල් කරුණාරත්න මහතා ඒ බැව් කියා සිටියේ කොත්මලේ මැතගම වේල්යාය ප්‍රදේශයේ ගොවින්ට මතු වි ඇති ගැටළු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා නාමල් කරුණාරත්න මහතා එම ප්‍රදේශයේ නිරත විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්මිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ බඩ ඉරිගු වගාවෙන් ඉවත් වෙන ලෙසට ගොවින්ට දැනුම් දි ඇතත්, බඩ ඉරිගු වගාවේ දැනට සිටින සේනා දළඹුවන් විනාශ කිරිමට රජය විදිමත් වැඩ පිලවෙලක් නොගැනිමේ තත්ත්වය මත සෙසු කෘෂි බෝග වලට සේනා දළඹුවා ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බවයි.

සේනා දළඹුවා නිසා විනාශ වු බඩ ඉරිගු වශාවේ අක්කරයකට රු හතලිස්දාහසක මුලදක් ගොවින්ට ප්‍රමාණවත් නොවන බවත්, අවම  වශයෙන් අක්කරයකට රු හැත්තැ පන්දහසක මුදලක් රජය මගින් ලබා දිය යුතු බව නාමල් කරුණාරත්න මහතා කියා සිටි.

නුවරඑලිය දිස්ත්‍රිකක්යේ ස්ථාන කිහිපයකින්ද සේනා දළඹුවා හමු වි ඇති නිසා සේනා දළඹුවා උඩරට එලවළු වගාවට ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බවත්, ගොවින් බඩ ඉරිගු වගාවෙන් ඉවත් වන්නේ නම් රජය මගින් බඩ ඉරිගු වගාවක් සිදු කර සේනා දළඹුවා එම බඩ ඉරිගු තුල රැදිමෙන් සෙසු කෘෂි බෝග සේනා දළඹුවාගෙන් බේරාගත හැකි බව නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka