gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ශුවර් නම් ජනාධිපතිවරණය කැඳවන්න - මෛත්‍රීට අභියෝගයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් නැවතත් එකතුවී සිටින කඳවුර ගැන විශ්වාසයක් ඇත්නම්, එතුමාට ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාසයක් ඇත්නම් වහාම ජනාධිපතිවරණයක් කැඳවන ලෙස ඒ මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ අද (09) සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව ජනාධිපතිවරයා සතුවන බවයි.

එසේම පොහොට්ටුවේ උදවිය මහමැතිවරණයක් ඉල්ලා සිටියත් මහමැතිවරණයකට යාමට කිසිදු හේතුවක් නොමැති බවයි රහුමාන් මහතා පෙන්වා දුන්නේ.

ජනාධිපතිවරයා සිය තනතුරෙහි දිවුරුම් දී අදට වසර හතරක් සපිරෙයි. සිය ධුර කාලයෙන් වසර හතරක් සම්පූර්ණ කළ පසුව ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka