gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩුබායි T 10 තරගාවලියට ලැබුණු මුදලුත් අතුරුදහන් ?

එක්සත් අරාබි එමීර් ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරන ලද ප්‍රථම T 10 තරගාවලියට සහභාගිවූ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ටීම් ශ්‍රී ලංකා ක්‍රිකට් නම් කණ්ඩායමට එම තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ගෙවු මුදල අභිරහසක් බවට පත්ව ඇතැයි ක්‍රිකට් කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම තරගාවලියට සහභාගී වූ සෑම කණ්ඩායමකටම විශාල ලෙස මුදල් ගෙවීමක් සිදුකර ඇතත් එමීරයේ ධනවත් අනුග්‍රාහකයකු යටතේ එහි ගිය ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට ගෙවා ඇත්තේ සොච්චම් මුදලකි.

ශ්‍රී ලංකා පිල යනුවෙන් මෙහිදී මෙම තරගාවලිය නියෝජනය සඳහා යවන ලද්දේ 2017 වසරේ අන්තර් පළාත් තරගාවලියේ ශූරතාව දිනූ බස්නාහිර පළාත් කණ්ඩායමයි. මෙම කණ්ඩායම එහි යැවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සම්බන්ධීකරණය කර ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාය.

එම සංචාරයට ශූරතාව දිනූ බස්නාහිර පළාත් කණ්ඩායම එක්කර ඇත්තේ එම කණ්ඩායමේ නොසිටි තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද එම කණ්ඩායමට ඇතුළත් කර වන අතර එම තේරීම් ජාතික තේරීම් කමිටුව විසින් දැන නොසිටි බවද වාර්තා වේ.

මෙම තරගාවලියට හභාගි වූ සෙසු කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් පහළොස්දාහත් හතළිස්දාහත් අතර මුදලක් වර්ගීකරණය කර ගෙවා තිබේ. ඒ අනුව ජාතික කණ්ඩායමක් නියෝජනය නොකළ පළමු පෙළ ක්‍රීඩකයෙකුට ගෙවා ඇති තරග මුදල ඇමරිකානු ඩොලර් 15000කි. එනම් රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදලකි. කෙසේවුවද මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට මුළු තරඟාවලිය වෙනුවෙන්ම ගෙවා ඇත්තේ රුපියල් 75,000 කි.

ශ්‍රී ලංකා කණ්ඩායමට සිටි අයිතිකරු හෙවත් අනුග්‍රහකයා පවසා ඇත්තේ සියලු මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවා ඇති බවයි. එසේනම් එම මුදල ක්‍රිකට් ආයතනයේ ගිණුමට නොගොස් වෙනත් ගිණුමට ගොස් ඇත්දැයි ක්‍රීඩකයෝ ප්‍රශ්න කරති.

මෙම තරගාවලිය සම්බන්ධව ජගත් ක්‍රිකට් සමුළුවේ දූෂණ මර්දන ඒකකය විශේෂ අවධානයක් යොමුකර ඇති බවද මේ අතර වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිහිපදෙනෙකුම ඔවුන්ගේ විමර්ශනයට භාජනය වී තිබේ.

අයි.සී.සී.ය මගින් පසුගියදා චෝදනා එල්ලකරනු ලැබූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු ලෙස කටයුතු කර තිබිණි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka