gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"විද්‍යා තාක්ෂණ අමාත්‍යංශයෙන් රටට වැඩක් නෑ" - එජාපයේ පසුපෙළ මන්ත්‍රීන් ඇමති මලීක් සමග කෝපයෙන් !

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රමට එරෙහිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ පුවතක් වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08දා) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1දී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්විය.

මෙම කණ්ඩායම් රැස්වීම ආරම්භ වීමත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට ගිය අවස්ථාවේදී මන්ත්‍රිවරුන්ට දොර වැසූ බවට එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු චෝදනා කර තිබේ.

මීට අමතරව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඇහුම්කන් නොදෙන බවත් ඔහුගේ අමාත්‍ය ධුරයෙන් රටේ පොදු මහජනතාවට වැඩක් නොවන නිසා එම අමාත්‍ය ධුරය ආණ්ඩුවට බරක් වන බවත් කියමින් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විසින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට එරෙහිව චෝදනා කර තිබෙන බවත් සඳහන්.

මේ අතර අමාත්‍යවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මතු වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී කමිටුවක්ද පත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන මෙම කමිටුවට රංජිත් මද්දුමබණ්ඩාර, අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන අමාත්‍යවරුද අයත් වෙති.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka