gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි - මෛත්‍රී... දැකපු නැති එකක් ගැන කියන්න බෑ - කීර්ති

නව ව්‍යවස්ථාවක් ගෙන එනවාට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බව මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නායකහිමිවරුන් හමුවීමට මහනුවර පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.
ඒ මහතා ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් ඉල්ලා කිසිවෙකුත් පෙළපාලි නොයන බවයි. එසේම මීට මල්වතු - අස්ගිරි මහානායක හිමිවරුන් විරුද්ධ බවත් බෞද්ධ භික්ෂූන් සියලු දෙනාම විරුද්ධ බවත් ඒ මහතා අවධාරණය කළේය.

කෙසේවෙතත් එහිදීම මාධ්‍ය ඇමතූ ඌව පළාත් හිටපු ආණ්ඩුකාර, දකුණු පළාත් නව ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ කවුරුත් නොදුටු ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කතා කිරීමට තවමත් කල් වැඩි බවයි. 19 වන සංශෝධනය හදිසියේ පාර්ලිමේන්තුවට ගෙනවිත් අවසන් මොහොතේ ඊට එක්කළ සංශෝධනවල ප්‍රතිඵල පසුගිය මාස දෙක තුළ කාටත් දැකගත හැකිවූ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka