gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රීකම් බේරලා දුන්නාට මහින්දයි පොහොට්ටුවයි කළගුණ සලකන්න ඕනෑ - මහින්ද අමරවීර

මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂනායක ධුරය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ පිරිසගේ මන්ත්‍රී ධුර ද ආරක්ෂා වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස තමන් කථානායකවරයාට යැවූ ලිපිය නිසා බවත් එය නොවිණි නම් තනතුරු මෙන්ම මන්ත්‍රී ධුර ද අහෝසි වීමේ හැකියාව තිබුණු බවත් මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.
එහෙයින් ඒ පිළිබඳ කෘතගුණ සලකමින් ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා එක්වෙමින් ජයග්‍රහණය සඳහා පෙළගැසිය යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

"මගෙන් මේ මාධ්‍ය සහෝදරයත් අහනවා විපක්ෂ නායකකමටයි මන්ත්‍රීකම් දීපු එකටයි පුළුවන්ද උත්තරයක් දෙන්න කියලා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒක අපි ඉතාමත් කැමැත්තෙන් කළ දෙයක් තමයි ඒ මන්ත්‍රීධුර ආරක්ෂා කරගන්න ලිපි ලිවීම. මගෙ ලියුම නොතිබෙන්නට බොහෝ වෙනසක් මේ රටේ ඇතිවෙන්නට තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසකගේ මන්ත්‍රී ධුර අහිමි වෙන්න තිබුණා, තනතුරු බොහොමයක් අහිමි වෙන්න තිබුණා. හැබැයි එහෙම කරන්න මට වුවමනාවක් තිබුණෙ නෑ. එජනිසයට වුවමනාවක් තිබුණෙ නෑ.

එහෙම තීන්දුවක් අරගෙන එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්නවත් සුමන්දිරන්ලගෙ TNA එක ශක්තිමත් කරන්නවත් අපට වුවමනාවක් නොතිබ්බ නිසා තමයි අපි අවංකවම විපක්ෂ නායක ධුරයත් අපට අරන් මන්ත්‍රීකමුත් ආරක්ෂා කරලා දුන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි, මේ රටේ වමේ ආණ්ඩුවක් බිහි කිරීමේ පරමාර්ථයෙන්.

ඒ නිසා මම හිතනවා, ඒ කණ්ඩායම සියලු දෙනා ඒක පිළිබඳ කෘතගුණ සලකලා, අපි සියලු දෙනා එකට එකතුවෙලා ඊළඟ ජයග්‍රහණ ලබාගන්න එකතුවෙයි කියලා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka