gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනවාරි 14 අමෙරිකානු ඩොලර් මිලියන 2600 ක ණය වාරිකයක් ගෙවීමට අගමැති සැරසේ !

පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 දින මේ රටේ සිදු වූ දේශපාලන වියවුල හේතුවෙන් සියලු කටයුතු එකතැන නතර වූ අතර දින 51 ක් තුළ නැති වූ ආර්ථික සංවර්ධනය නැවත ගොඩනැගීමට කාලයක් ගතවන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතා පරමාධිපත්‍යයට එල්ල වූ අභියෝගයට මුහුණ දී යළිත් ප්‍රජතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය ඉහළින් ඔසවා තැබූ සේම ආර්ථිකයත් ඉහළට ඔසව‍ා තබන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.

ඔහු ඒ බව සදහන් කළේ ජනවාරි 10 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

"දේශපාලන, සමාජයීය හා ආර්ථික අභියෝග රාශියක් අද අප ඉදිරියේ තියෙනවා. 2015 වසරේ අප ආණ්ඩුව බාර ගනිද්දී මුළු රට ම ඉතා අනතුරු දායක ණය උගුලකට සිරවී තිබුණා. ඒ ණය උගුලෙන් උපායශීලීව ගැලවෙන්නට අප පියවර ගත්තා. ණය උගුලට හසුවී අපේ වරාය, ගුවන්තොටුපල වැනි ආයතන වෙනත් රටවලට සින්න වීමේ අවදානමෙන් අපේ රට ගලවා ගන්න අපට පුළුවන් වුණා. අපි දහසක් අසීරුතා මැද රටේ ආර්ථිකය ස්ථාවර තැනකට ඔසවා තැබුවා".

නමුත් මේ වසරේ ආර්ථික ක්ෂේත්‍රයෙන් බරපතල අභියෝගයක් පවතින බව පෙන්වා දෙන අගමැතිවරයා අවධාරණය කරන්නේ වැඩිම ණය ගෙවීම් ප්‍රමාණයක් සිදු කිරීමට ඇත්තේ මේ වසරේදි බවයි.

ජනතා හිතවාදී අයවැයක්

"2019 වර්ෂය තුළ අපි ගෙවියයුතු මුළු විදේශ ණය හා පොලිය ඇමෙරිකානු ඩොලර් මිලියන 5900 ක් පමණ වෙයි කියලා ගණන් බලලා තියෙනවා. ඒ වගේ ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවන ලොකුම ණය වාරිකය අපට ගෙවන්න තියෙන්නේ ජනවාරි 14 වෙනිදා. අමෙරිකානු ඩොලර් මිලියන 2600 ක්."

"පසුගිය රජය සමයේ ගත් ණය ආපසු ගෙවීම රටේ සාමාන්‍ය ජනතාවට බරක් නොවන අයුරින් සිදුකිරීමේ සැලැස්මක් අප සකස් කර තිබුණා. දේශීය ආර්ථිකය නංවාලීම, අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම, විදේශ ආයෝජන ඉහළ නැංවීම ආදී ක්‍රමික සැලසුම් අප දියත් කරමින් සිටියා. පසුගිය වසරේ ගෝලීය ආර්ථිකයේ ඇතිවූ යම් යම් වෙනස්කම් හා ප්‍රවණතා හේතුවෙන් රුපියලේ අගය දුර්වල වුණා. අප රුපියල ස්ථාවර කරලීමේ උපායමාර්ග පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කරමින් හිටියා".

"නමුත් ඔක්තෝබර් 26 වන දා මේ රටේ සිදු වූ දේශපාලන වියවුල හේතුවෙන් ඒ සියළු කටයුතු එක තැන හිරවුණා"

"දවස් 51 ක් පුරා පැවති දේශපාලන අස්ථාවරත්වය නිසා ස්ථාවර මට්ටමකට එසැවෙමින් තිබූ අපේ ආර්ථිකයට මරු පහරක් වැදුණා. ආර්ථික වර්ධන වේගය අඩාල වුණා. රුපියලතව තවත් අස්ථාවර වුණා. ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීම්වලින් පහලට වැටුණා. විදේශ සංචිත පහළ වැටුණා.මේ කාලය තුළ කිසිම රටකින් හෝ කිසිම ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් කිසිම ණයක් හෝ ආධාරයක් ලබා ගන්නට ශ්‍රී ලංකාවට නොහැකි වුණා".



එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතා පරමාධිපත්‍යයට එල්ල වූ අභියෝගයන්ට මුහුණ දී, යළිත් ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යය ඉහළට ඔසවා තැබූ සේම ආර්ථිකයත් ඉහළට ඔසවන බවයි.

"එහිදී අපට අසීරුතා ඇති වේවි. දුෂ්කරතා මතුවේවි. නමුත් අපි ඒ සියල්ල මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි" අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka