gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිවරණයක් ආවොත් ජවිපෙන් පොදු අපේක්ෂකයෙක් !

ජනාධිපතිවරණයක් කැඳවුවහොත් තම පක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ජනතා විමුක්තිත පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවසථා සංශෝධනය සම්මත කර ගැනීම පිළිබඳවත් වැඩි විශ්වාසයක් තබන්නට නොහැකි ප්‍රායෝගික තත්ත්වයක් යටතේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෙසේදැයි 'රාවය' පුවත්පත කල විමසීමේදී ලාල්කාන්ත මහතා එබව සඳහන් කර ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

''20 වැනි සංශෝධනයේ මූලික පදනම ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම කියන කාරණයයි. එහිදී ප්‍රමුඛයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. අපි ඒ සඳහා අන්තිම මොහොත දක්වාම උපරිම උත්සාහයක් ගන්නවා.

නොහැකි වුවහොත් ඉදිරියේ එන ජනාධිපතිවරණයට රනිල්-මෛත්‍රී-මහින්ද විරෝධී බලවේගයේ වුවමනාවන් නියෝජනය කරන අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා. ඒක ස්ථිරයි. එයාව පොදු අපේක්ෂකයෙක් කිරීමයි අපේ අභිලාෂය.

අපි එහෙම කරන තත්ත්වයක් තුළ වෙන කාටවත් පොදු අපේක්ෂකයෝ නමින් ඉදිරිපත් කිරීමේ වලංගුභාවයක් එන්නෙත් නෑ. ඒ අපේක්ෂකයා දිනනවාද පරදිනවාද යන එක කෙසේ වුවත් ඒ හැර වෙනත් උත්තරයක් අපිට මෙතනදි නෑ. ඒ නිසා අනිවාර්යෙන් අපි ඒක කරනවා.''


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka