gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ පෞද්ගලික ලේකම්ට බරපතල චෝදනාවක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙක් ලෙස පත් කළ ජනක රණවක මහතා 2013 දී අනවසරයෙන් පරිගණකයකට ඇතුළු වූ බවට චෝදනා එල්ලවේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ වත්මන් නගරාධිපති මධුර විතානගේ මහතා සතු වූ පෞද්ගලික පරිගණකයට අයුතු ලෙස පිවිස,
එහි දත්ත සොරකම් කළේයැයි චෝදනා එල්ල වී සිටින එම මහනගර සභාවේ හිටපු නගරාධිපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස ඉකුත්දා පත්වීම් ලැබූ ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා කියවා දෙනු ලැබීය.

නීතිපතිවරයා ගොනුකර තිබූ චෝදනා පත්‍ර ඊයේ (ජනවාරි 09) දින කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කියැවීය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදි කරුවන් බව ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ කියා සිටියේය.

බදාදා (09) දින නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පැමිණිලිකාර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අසනීප තත්වයෙන් පසුවන හෙයින් අධිකරණය හමුවේ පෙනී නොසිටි බවය.

ඒ අනුව නඩු විභාගය පෙබරවාරි මස 28 වනදා දක්වා කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියම කළේය.

එමෙන්ම පැමිණිලිකාර මධුර විතානගේ මහතා අසනීප තත්ත්වයෙන් සිටි බව තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් නඩුව නැවත කැඳවන දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් විනිසුරුවරයා නියෝග කළේය.

2013 වසරේ ජූලි මස 17 වනදා එවකට කෝට්ටේ මහනගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් නගරාධිපති මධුර විතානගේ මහතා සතු පරිගණකයට අයුතු ලෙස ප්‍රවේශ වී එහි තිබූ දත්ත සොරකම් කිරීම තුළින් පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

(බීබීසී සිංහල සේවය)

ජනපති දූෂණ විරෝධී ගමන වේගවත් කරයි – ඇවන්ගාඩ් චූදිතයෙකු පුද්ගලික ලේකම් කරගනියි



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka