gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගවිනිසුරු ලෙස ඊවා ගේ නම එව්වද ? නැද්ද ? - මැතිසබයේ ගැටුමක්

ජනාධිපතිවරයා විසින් අගවිනිසුවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මියගේ නම නිර්දේශකර ව්‍යවස්ථා සභාවට යොමුකලේද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල පසුගියදා බරපතල මත ගැටුමක් ඇතිවිය. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා ඇතිවූ විවාදයේදීය.
''ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිශ්චකාරතුමිය ඊවා වනසුන්දර මහත්මිය අගවිනිසුරු ධුරය සඳහා ජනාධිපතිතුමා නිර්දේශ කරලා ව්‍යවස්ථා සභාවට එවලා තියනවා.. නමුත් එක ප්‍රතික්ෂේප වෙලා'' යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා එම විවාදයේදී ප්‍රකාශ කළ අතර එම කතාව පිළිනොගත් කථානායකවරයා එම නව ව්‍යවස්ථා සභාවට එව්වේ නැතැයි අවධාරණය කර සිටියේය.

නමුත් කතානායකවරයාගේ ප්‍රකාශය පිළිනොගත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා, 'ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ කියලා තියෙනවා ඒ නම ව්‍යවස්ථා සභාවට එව්වා කියලා' යයි දැඩි ලෙස පැවසිය.

'ඒ නම එව්වේ නැහැ. අසාධාරණ චෝදනා කරන්න එපා. ආවේ නැහැ. ඒ නම ආවේ නැහැ' කරු ජයසූරිය කථානායකවරයා එහිදී දිගින් දිගටම ප්‍රකාශ කරන්නට විය.

'එහෙනම් ඒ නම එව්වේ නැත්තේ මොකද?' විමල් වීරවංශ මහතා ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

'ඒක මං දන්නේ නැහැ' කථානායකවරයා පිළිතුරු ලබාදුන්නේය.

'ජනාධිපතිතුමා ඒ නම එවන්න හදනකොට අගමැතිතුමාගේ කණ්ඩායම කිව්වා, ඒ නම එවන්න එපා. ප්‍රතික්ෂේප කරනවා කියලා' විමල් වීරවංශ මන්ත්‍රිවරයා යළිත් ප්‍රකාශ කරන විට මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

'අසාධාරණ චෝදනා කරන්න එපා' කථානායකවරයා කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka