gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විග්නේෂ්වරන් ජාතිවාදී වෙද්දි ආණ්ඩුව නිහඬයි - කරුණා

යුද හමුදාව පිළිබඳව උතුරේ වැසියන් තුළ දැඩි භක්තියක් පවතින බවත් ඔවුන් හමුදාව සම්බන්ධයෙන් ආදර ගෞරවයකින් කතා කරන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පවසයි.
පසුගිය ගංවතුරින් විපතට පත්වුණු ජනතාව වගේම දැන් අවතැන් වී සිටින ජනතාවටත් හමුදාව පිහිට වෙන බව පවසන ඒ මහතා උතුරේ ජනතාව විපතට පත් ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ පිහිටට හිටියේ හමුදාව බවද කියා සිටී.

මේ රට බේරාගත්තේ හමුදාව වන බවත් එදා රණවිරුවන් සටන් කළේ ත‍්‍රස්තවාදීන් සමග මිසක් දෙමළ ජනතාව සමඟ නොවන බවත් විග්නේෂ්වරන්ලා යුද හමුදාවට අවලාද නැඟුවාට සැබෑ ආරක්‍ෂකයන් කවුදැයි උතුරේ ජනතාව දන්නා බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

මේ වන විටත් උතුරේ ජනතාව හමුදාව කෙරෙහි ඇති භක්තිය නිසා යුද හමුදා කඳවුරු ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බව පවසන ඔහු විග්නේෂ්වරන් ජාතිවාදී ප‍්‍රකාශ කරද්දී ආණ්ඩුව නිහඬව සිටින නමුත් සාමාන්‍ය කෙනෙක් එවැනි ප‍්‍රකාශ කළොත් කූඩුවේ සිටීමට සිදුවන බවටද චෝදනා කරයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka