gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිල සූත්‍රය ඉන්ධන මිල පහත දමයි !

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ (10)  සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2/= බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.

එහෙත් යුරෝ 4 (EURO-4) විමෝචන ප්‍රමිතිකරණය යටතේ පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව අද  සිට ඩීසල් සහ පෙට්‍රල් මිල පහත  පරිදි අඩු කරනු ලැබේ.
මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද (IOC) ඊයේ (10) සිට යළි ඉන්ධන මිල පහල දැමීමට  තීරණය කර තිබේ.

ඒ අනුව ,පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට තීරණය කර ඇති අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇති බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 131ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රෙල් ලීටරයක මිල රුපියල් 150ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.

නව මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 99ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 118ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහලට 

ඉන්ධන මිල සෑම මසකම 10 වැනි දින සමාලෝචනය කිරීම යටතේ මෙවර ද මිල අඩු කරන ලද නමුත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව රජය අවධාරණය කරයි. සිංගප්පූරුවේ බ්‍රෙන්ට් (BRENT) වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ සිංගප්පූරුවේ ම ෆ්ලැට්ස් (PLATTS) වෙළෙඳපොළේ නිමි පෙට්‍රල් සඳහා වන මිල පසුගිය සති දෙකක කාලයක් තිස්සේ අඛණ්ඩව වැඩි වෙමින් පවතී.

තෙල් මිල අවසන් වරට වැඩි කළ පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනි දින තෙක් ඉන්ධන මිල අඛණ්ඩව වැඩි වූ අතර ඔක්තෝබර් මස 10 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 85ක් ලෙස සඳහන් විය. එය ඔක්තෝබර් 26 වැනි දා වන විට ඇ.ඩො. 58 දක්වා අඩු වූ අතර අවසන් වරට මිල අඩු කළ දෙසැම්බර් 21 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 52 දක්වා අඩු වී තිබිණි.

කෙසේ වෙතත් 2019 ජනවාරි මස  දෙවැනි සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර  අද වන විට (ජනවාරි 10) බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 59 ඉක්මවා ගොස් ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka