gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ කිරි නැති හරක් නිසා ගොවියන්ට පවුල් පිටින් සිය දිවි හානි කරගන්න වෙලා

පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගොවීන්ට ලාබදුන් කිරි දෙනුන්ගෙන් ආදායමක් නොලැබෙන බැවින් දැඩි සේ අසරණභාවයට පත්ව සිටින දෙනුන් ලබාගත් ව්‍යාපාරිකයන්ගේ දේපළ බලන 11 වැනිදා වෙන්දේසියේ විකිණීමට තීරණය කර තිබීම නිසා පවුල් පිටින් සියදිවි හානි කර ගැනීමට සිදුවන තත්වයකය පත්න ඇති බව කිරි ගොවීහු ඊයේ (06) මාතලේ පල්ලේපොළදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

මාතලේ පල්ලේපොළ අලුත්ගම ප්‍රදේශයේ ගොවියකු වූ අරුණ සමන් කුමාර කඳුරුගස්යාය මහතාගේ පදිංචි ඉඩම හා නිවෙස මේ වන විටත් වෙන්දේසි කිරීම සඳහා දැන්වීම් ප්‍රදර්ශනය කොට ඇතැයිද එ් මහතාට අයති ගොවිපොළේදී පැවති එම විශේෂ මාධ්‍ය හමුවේදී අනාවරණය කරන ලදී.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් කැඳවා තිබූ මෙම මාධ්‍ය හමුවේදී ගොවිපොළේ හිමිකරු වන අරුණ සමන් කුමාර මහතාගේ බිරිඳ ඉනෝකා කුමුදුනී අබේකෝන් මහත්මිය මාධ්‍ය ඉදිරියේ හඬා වැටෙමින් කියා සිටියේ ආණ්ඩුව විශ්වාස කොට කිරි හරක් ව්‍යාපෘතියකට තම සේසතම වියසම් කළ අතර අවසානයේදී පදිංචි ඉඩම සහ නිවෙස වෙන්දේසි කිරීම ලබන 11වනදා සිදු කේරෙන බවය. එසේ සිදුවන්නේ නම් තමන් ඇතුළු සියළු දෙනා සිය දිවි හානි කර ගන්නා බව ඇය හඬා වැටෙමින් පැවදුවාය.

අරුණ සමන් කුමාර මහතාගේ බිරිඳ ඉනෝකා කුමුදුනී අබේකෝන් මහත්මිය එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය…

“මම දඹුල්ල මූලික රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියක්. හැමෝම දකින්න ඇති මගේ නිවෙස ආසන්නයේ ඉඩමේ එල්ලලා තියෙන බැනර් එක. බැංකුවෙන් මේ බැනර් එක ප්‍රදර්ශනය කරලා තියෙන්නේ ලබන 11වනදා මගේ ඉඩමයි ගෙදරයි ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනවා කියලා.

මට දරු තුන්දෙනෙකුත් එක්ක මහ පාරට බහින්න වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුව විශ්වාස කරලා තමයි මේ ණය මුදල් ලබාගෙන අපේ අතේ තිවුණු ලක්ෂ 150ක් විතර මුදල් වියදම් කරලා කිරි හරක් ගත්තේ. දැන් අවුරුදු තුනක ඉඳලා මගේ වැටුප සතයක්වත් මා අතට අරගෙන නැහැ. බැංකුවෙන් කපනවා.

අපි ලොකු ව්‍යාපාරයක් කරගෙන හිටපු අය. ඇත්තටම කියනවා නම් දැන් අපේ හිතවත් මාමා කෙනෙකුගේ කඩෙිකින් ණයට බඩු අරගෙන තමයි එදා වේල කන්නේ. 11වැනිදායින් පස්සේ අපිට ඉන්න හිටින්න තැනක් නැති වෙනවා. දරුවෝ තුන්දෙනෙක් එක්ක පාරේ බැහැලා තුන්දෙනත් එක්ක මගේ ජීවිතේ නැතිකර ගන්නවා. මහත්තයත් දැන් මානසික ලෙඩෙක් බවට පත් වෙලා. අපි යානවාහන තියාගෙන හිටපු මිනිස්සු. ආණ්ඩුව තමයි අප මේ තත්වයට ඇදලා දැම්මේ.”

දේශිය කිරි කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා බව පවසමින් පුවත්පත් දැන්වීම් ප්‍රදර්ශනය කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට කිරි දෙනක් රුපියල් ලක්ෂ 05 බැගින් මිල කොට කිරි ලීටර් 20කට අධික ප්‍රමාණයක් ලබාගත හැකි බව පවසමින් ආණ්ඩුව කිරි හරක් ලබාදුන් බවත් අවසානයේදී එම දෙනුන්ගේ කිරි ලීටර් 04ක 05ක ප්‍රමාණයක් ලැබුණු බවත් මේ වනවිට එම සතුන් හඳුනා නොගත් රෝගයකින් මිය යෑමට පටන් ගෙන තිබෙන බවත් කිරි ගොවීහු මෙහිදී සඳහන් කළහ.

මෙම කිරි හරකුන් ලබාගත් අරුණ සමන් කුමාර මහතා කියා සිටියේ තම පදිංචි ඉඩම නිවාස වෙන්දේසි කිරීම නවතා ආණ්ඩුව විසින් තමන්ට ලබා දුන් කිරි දෙනුන් සහ තමන් විසින් සාදාගත් මෙම ගවගාල් ආණ්ඩුවට ලබාගන්නා ලෙසය.. තමන් එම නය මුදලින් රුපියලක් හෝ ඇහැටවත් දැක නැති බව ඔහු සඳහන් කළේ ය. ඒ සියල්ල රජයේ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ණය මුදල ලබාගෙන කිරිහරක් ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේ ය.

මෙම මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා කිරි ගොවි ජාතික එකමුතුවේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා කියා සිටියේ වහාම ආණ්ඩුව මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතු බවය. එසේ නොවන්නේ නම් කිරි ගොවීන් සමග ඇමතිවරු හමු වීම සඳහා වස බෝතල්ද රැගෙන කොළඹට එන බවත් හෙතෙම සඳහන් කළේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ ලබන 11වනදා මෙම දේපළ වෙන්දේසි කිරීමට බැංකුවලට එහි නොඑන ලෙසය. එසේ වූ විට බරපතල ප්‍රශ්න රැසකට ඔවුන්ටද හුමුණ දීමට සිදුවන බව අවධාරණය කළේ ය.

මේ දිනවල ඇමැකම් ඉල්ලා හඬා වැටෙන මන්ත්‍රීවරුන්ට මෙම හරක් ටික භාරදී ගොපලු ඇමතිකම් ලබා දෙන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ ය.

ලෙඩ රෝගවලට අමතරව එම කිරි දෙනුන්ට අවශ්‍ය තණකොල වර්ග මෙන්ම අවශ්‍ය පාරිසරික සාධකද නොමැති කමෙන් බොහෝ ගොවිපලවල්වල ගවයන් මියැදෙන තත්වයකට පත්ව ඇත.








gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka