gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද්දයෙන් පසු තොරතුරු සොයන්න යුරෝපා සංගම් නියෝජිතයන් උතුරේ !

වවුනියාව ඇතුළු උතුරු පළාතේ වර්තමාන තත්වය නිරීක්ෂණය කිරීම වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනි දෙදෙනෙකු (05) දින වව්නියාව දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත විය.

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත විලියම් ඩාට්මවුත් මහතා හා ජ්‍යෝෆ්රේ වැන්ඕර්ඩන් මහතා ඇතුළු නියෝජිතයින් වවුනියාව දිස්ත්‍රීක්ක් ලේකම් කාර්යාලයට පළමුව පැමිණි අතර එහිදී යුරෝපා මන්ත්‍රීවරු පිරිසි පිළිගනු ලැබුවේ වව්නියාව දිසාපති අයි.එම්.හනීෆා මහතා විසිනි.

යුරෝපා මන්ත්‍රීවරු පිරිස එහිදී වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව යුද්ධයෙන්  උතුරු පළාතේ නැවත පදිංචිවූවන්ගේ තත්වය නිරීක්ෂණය හා පශ්චාත් යුධ සමයේ මෙරට ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සංචාරයේ අරමුණ වීම හේතුවෙන් යුද්දයෙන් පසුව වව්නියාව සිදම්බරපුරම් නැවත පදිංචි ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී එහි වැසියන් සමග සාකච්ඡා කරනු ලැබීය.

බ්‍රිතාන්‍ය රජයේ අධාර යටතේ යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචි වූවන්ගේ ජන ජිවිත යථා තත්වයට පත්කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක අතර, අදාළ වැඩසටහන්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමද අදාළ නියෝජිතයින් සිදුකරනු ලැබීය.

නිරීක්ෂණය අතරතුර වව්නියාව දිසාපති තුමන් විසින් පැමිණි නියෝජිත පිරිසට යුද්දයෙන් පසුව නැවත පදිංචි වූවන් වෙනුවෙන් රජයෙන් සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ පූරණ අවබෝධයක් ලබාදුන් අතර එහිදී යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා රජයේ වැඩිපිළිවෙළ සම්බන්ධයෙන් වව්නියාව දිසාපති අයි.එම්. හනීෆා මහතාට සුභ පතා ඉදිරියේදීද ශ්‍රීලංකාවේ යුද්දයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සිදු කෙරෙන වැඩසටහන් වෙනුවෙන් යුරෝපා රජයේ සහය ලබා දීමට කැමත්තෙන් පසුවන බවටද දැනුම් දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka