gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා කරගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් කථානායකවරයා වෙත ලිපියක් ලබා දුන්නේ ඔවුන්ට අනුකම්පා කරමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව රටම දන්නා බවයි දුමින්ද දිසානායක මහතා පෙන්වා දුන්නේ.

"අපෙන් ඡන්දෙ ඉල්ලලා ජයග්‍රහණය කරපු මන්ත්‍රීවරුන් විදියට, ඒ අයගෙ මන්ත්‍රීකම් නැතිවෙනවා නම් අපට දුකයිනෙ. අනුකම්පා කරලා දුන්න ලියුමක්, හැබැයි රටම දන්නවා මොකද්ද වුණේ කියන කාරණාව. මොකද අපි නෙවෙයි මේක ආඩම්බරෙන් එනවුන්ස් කළේ, ඒගොල්ලොම තමයි. ඉතිං ඒගොල්ලොම කියපු දේ අපට කියන්න බෑනෙ දැන් එයාලා බොරුවටයි කිව්වෙ කියලා. මන්ත්‍රීකම් ටික ආරක්ෂා කරගන්න අපි සහයෝගය දක්වලා තියෙනවා." යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka