gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැරදුණු අය පාර්ලිමේන්තු ගෙනා මෛත්‍රී මෝඩයෙක් - ඩලස්

තමන්ට කිසිදු සැලකිල්ලක් නොකළ බවට ජනාධිපතිවරයාට චෝදනා කරන ඇතැමුන් මැතිවරණයෙන් පරාජයට පත්වී ජනාධිපතිවරයා විසින්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආ උදවිය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අමතමිනි.

"මෛත්‍රිපාල ජනාධිපතිතුමා අර අලුත් පොතක් ලියනවානෙ. ඒ පොතේ එතුමා ලියයි, පැරදිච්චි මිනිස්සු ජාතික ලැයිස්තුවෙන් ගෙනල්ල කරගත්තු මෝඩකම කියලා. මොකද්ද අපේ පාර්ලිමේන්තුවේ වෙච්ච බරපතළම වැරැද්ද ? ඡන්ද දායකයා ප්‍රතික්ෂේප කරපු කෙනා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඇමතිකම් දෙන එක. එහෙම කී දෙනෙක් ඉන්නවද පාර්ලිමේන්තුවේ ? 13යි. එහෙම රටකට අනාගතයක් තියෙයිද ?" යනුවෙන් ඒ මහතා ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි චන්ද්‍රිකා නිකායක් පවතින බවත් එක්සත් ජාතික පෙරමුණු රජය සමඟ එක්වූයේ එම නිකායේ 6 දෙනෙකු බවත් ප්‍රකාශ කළ අලහප්පෙරුම මහතා තවත් නළියන තිදෙනෙක් සිටින බවත් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර දේශපාලන දීගය ඇරඹීමට මුල් වූයේ ද මේ ආකාරයෙන් පරාජයට පත්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනා එස්.බී. දිසානායක මහතාය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka