gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'බැදුම්කර හොරුන්ගේ ගෙවල්වලට ගොස් කණෙන් ඇදගෙන එනවා.. කොළඹ ලොකු ඉස්කෝලවල ගිය උන් රට කෑවා' - ජනපති සොයුරු ඩඩ්ලි

ජනතාවගේ ලේ උරාබොන මහජන මුදල් හොරා ගන්න දේශපාලකයන්ට විරුද්ධව ඉදිරියේ දී දේශපාලන සංවිධානයක් බිහි කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන සුප‍්‍රකට අරලිය ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
මෙම නව සංවිධානය බිහි කරනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ බවද ඔහු සඳහන් කළේ නව පොහොර කර්මාන්තශාලාවක් බිහිකිරීම සඳහා විදෙස් ආයෝජකයන් සමග ගිවිසුම් අත්සන් කිරීම සඳහා පැවති උත්සවය අවස්ථාවක් අමතමිනි.

ජනතාවට කලට වේලාවට පොහොර ටික වත් ලබා දිය නොහැකි පාලකයන් සමඟ ජනතාවට මෙතෙක් වැඩ කරන්නට සිදුව තිබූ බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.

කොළඹ මහ ලොකු ඉස්කෝල වල ගිය අය රට කා දැමූ බවත් තමන් පොලොන්නරුවේ ඉස්කෝලේ ගිය බව කියා සිටින බවත් එය අනිවාර්යෙන්ම විකාශය කරන ලෙසත් ඔහු මාධ්‍ය ආයතනවලින් දීමක්ද කළේය.

මහජන මුදල් හොරා කෑ උන්ගේ ගෙවල් වලට ගිහින් කනෙන් ඇදන් වීමට තමන් අදහස් කර සිටින බවද සිරිසේන මහතා එහිදී කියා සිටියේය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ද දැඩි විරෝධය දක්වමින් අදහස් පළ කළ ඔහු තම සහෝදරයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විරුද්ධ වුවද තමන්ගේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ඔහු තදින් කියා සිටියේ ය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka