gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිප නව මහ ලේකම් මහින්දට අනතුරු අගවයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් ද නැතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් ද කියා විමසිය යුත්තේ ඔහුගෙන්ම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
රාජපක්‍ෂ මහතා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාවජීව සාමාජිකයෙක් යයි කියන බවත් ඒ සම්බන්ධයෙන් ඔහුම පැහැදිලි කිරීමක් කල යුතු බවත් මහ ලේකම්වරයා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට එක් වූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග නොගැනීමත්, එමෙන්ම එජාපයට එක් වූ අයට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු නොකිරීමත් වරදක් බව දයාසිරි ජයසේකර මහතා එහිදී පැවැසීය.

අවශ්‍ය අවස්ථාවේ විනය ක්‍රියාමාර්ග නොගැනීම ඇතිවී තිබෙන බොහෝ ප්‍රශ්නවලට හේතුවක් බවද ඔහු කීවේය.

පසුගිය මහමැතිවරණයේ දී ඇතැමුන්ට ඡන්දය දෙන්නට එපා යැයි කියූ බව මතකයේ ඇති බවත් කැපිලි කෙටිලි දේශපාලනය තිබෙන බවත් පැවසූ මහ ලේකම්වරයා යකුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවද පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියන නිසා ඔහුට වෙනත් පක්ෂවල වැඩ කල නොහැකි බවත් එසේ ගියහොත් මන්ත්‍රීධුර ද අහෝසි වනු ඇති බවත් මන්ත්‍රී දයාසිරි ජයසේකර තව දුරටත් සඳහන් කළේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka