gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

'මතක තියාගන්න, පොහොට්ටුවටත් තනියම දිනන්න බෑ' - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිවම මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බව මතක තබාගත යුතුයැයි ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජයග්‍රහණය කළ හැකිවන්නේ තම දෙපාර්ශ්වය එකතුවීමෙන් පමණක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පඬුවස්නුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

"මගේ බලාපොරොත්තුව තියෙන්නේ ඉදිරි මාස හතර ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 30ක් දක්වා වැඩි කරන්න. ඒ වැඩපිළිවෙල තමයි මගේ අතට ගත්ත පළවෙනි වැඩපිළිවෙල.

මතක තියාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිවම දිනන්න බෑ. පොදුජන පෙරමුණටත් තනියම දිනන්න බෑ. අපි දෙගොල්ලො එකතු වුණොත් විතරයි අපේ ජයග්‍රහණය තීරණය වෙන්නේ. ඒ නිසා කවුරු හරි හිතනවා නම් ශ්‍රීලනිපය ආපහු යූඑන්පී එකත් එක්කහු වෙලා ආණ්ඩු හදන්න ඕනෙ කියලා, දයාසිරි ජයසේකර මම කියන්න කැමතියි යූඑන්පියත් එක්ක අපට ආපහු ගමනක් නෑ, අපට තියෙන්නෙ වමේ ප්‍රගතිශීලී ව්‍යාපාරයත් එක්ක ගමනක්" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka