gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ව්‍යවස්ථා සභාව ජනපතිගේ නිර්දේශ අනුමත කරයි

උපරිමාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිසුරු ධුරයන් 04ක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්දේශ කර එවා ඇති නම් සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පෙරේදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අතර විපක්ෂ නායක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මුල් වරට ඊට සහභාගි වීම විශේෂත්වයක් විය.
ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම යෑම හේතුවෙන් පුරප්පාඩු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහා ජනාධිපතිවරයා එවන ලද නමට ද සභාව අනුමැතිය ලබා දී ඇති අතර ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින තවත් විනිසුරු පුරප්පාඩු දෙකක් සඳහා නිර්දේශිත නම්වලටද අනුමැතිය ලබාදී ඇත.

ඊට අමතරව අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩුවක් සඳහා ද එවා ඇති නමට සභාව අනුමැතිය ලබාදී ඇත.

කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට සෙසු සාමාජිකයන් වන අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ජයන්ත ධනපාල, නාගානන්ද සෙල්වකුමාරන් හා ජාවෙඞ් යුසුෆ් යන අය සහභාගි වී තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka