gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්ද්‍රිකා ගැන තීරණයක් ගන්න ශ්‍රීලනිපය සැරසේ - පක්ෂය ඇතුළේ සැඟවුණු කරුණු කිහිපයකුත් එළියට

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස එම ධුරයෙන් ඉල්ලා අස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිදුකළ බලපෑම්ද හේතු වූ බව එම පක්‍ෂයේ උප ලේකම් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී "හිටපු ජනාධිපතිතුමිය දිගින් දිගටම එතුමාව විවේචනාත්මකව කතා කරලා තියෙනවා. ඒ වගේම විවේචනය කරමින් එතුමාට ලිපියකුත් එවලා තිබුණා. මේ වගේ සිද්ධි එක්ක එතුමාට කලකිරීමක් ඇති වෙලා තිබුනා." යනුවෙන් සඳහන් කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු කිහිප දෙනෙකු මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂයේ ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඉදිරියේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ අනුශාසකත්වය සහ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවද බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මෙහිදී සදහන් කළා.

එහිදී "සම්පූර්ණයෙන්ම චන්ද්‍රිකා මැතිණියගෙ නායකත්වයෙන්..රාජිත සේනාරත්නගේ ආශිර්වාදයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමෙන් තමයි මේ කට්ටිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ පිළිබඳ වාර්තා අපිට ලැබිලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ හිටපු ජනාධිපතිනිය අපේ පක්ෂයේ අනුශාසකවරියක් ලෙස කටයුතු කිරීම කාලෝචිතයි කියලා අපි හිතන්නේ නෑ. එතුමිය ගැන තීරණයක් ගන්න වෙනවා." යනුවෙන් සඳහන් කළා.

- නෙත් නිව්ස්
සජිත් තිලකරත්න
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka