gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්ද්‍රිකා - මෛත්‍රී ගැටුම උත්සන්න වේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රටේ බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ සහ කණ්ඩායම් සමග එක්වීමට කිසිසේත් අනුමත නොකරන බව හිටපු ජනාධිපතිනි, ශ්‍රිලනිප අනුශාෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපති සිරිසේන මහතා වෙත දැනුම්දී ඇත.
2019 ජනවාරි 11වනදා යොමුකර ඇති ලිපියක් හරහා හිටපු ජනාධිපතිනිය මෙම දැනුම්දීම සිදුකර ඇති අතර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදමා වෙනත් පක්ෂ වලට සම්බන්ධ නොවී පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යාමට අධිෂ්ඨානයෙන් කටයුතු කරන ලෙසද එමගින් වැඩිදුරටත් දන්වා ඇත.

හිටපු ජනාධිපතිනිය විසින් මෙම ලිපිය යොමුකර ඇත්තේ ශ්‍රිලනිප ප්‍රධාන සංව්ධායකවරුන්ගේ අදහස් අනුව සංවිධායකවරුන් කිහිපදෙනකුගේ මූලිකත්වයෙන් "පක්ෂයේ අනාගතය" සම්බන්ධ යෝජනාවක් ජනාධිපති සිරිසේන මහතා වෙත දැනුම්දෙමින්‍ ය.

පක්ෂය රැකගන්න සංවිධායකයන් මැදිහත් වෙයි !

හිටපු ජනාධිපතිනියගේ ලිපිය හරහා ජනාධිපති සිරිසේන මහතා වෙත යොමුකර ඇති " පක්ෂ අනාගතය රැකගැනීම" වෙනුවෙන් වන ලියවිල්ල සෘජුවම ජනාධිපති සිරිසේන මහතා වෙත ආමන්ත්‍රණය කර ඇති අතර පක්ෂ සංවිධායකවරුන් 10කු ඊට අත්සන් තබා තිබේ.

ප්‍රධාන යෝජනා 5ක්

ඊට අනුව පක්ෂ ඉතිහාසයේ බරපතලම අර්බුදය වෙත මේ වන විට පක්ෂය මුහුණදී ඇති අතර පක්ෂය එම අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් යෝජනා 5ක් ජනාධිපති සිරිසේන මහතාගේ අවධානයට යොමුකර ඇත.

එනම්,

1. අප පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට නායකත්වය ගන්නා අතරම එයට ප්‍රමුඛත්වය ලබාදීම,

2. ජාතිවාදී කණ්ඩායම් සමග සන්ධාන ගතවීම තුළින් පක්ෂයට සිදුවිය හැකි හානිය පිළිබඳව බැරෑරුම්ව අවධානය යොමු කිරීම,

3. බැදුම්කර සිද්ධියේදී ජනාධිපති ගනුලැබූ පියවර ඉහළින් අගය කරන අතර අල්ලසට හා දූෂණයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග වඩවඩාත් ශක්තිමත් කිරීම.

4. එක්සත් ජාතික පක්ෂය සමග එකතුවීමට පක්ෂයේ සමහරු දරණ ප්‍රයත්නයට කිසිසේත් එකග නොවන අතර,
එමෙන්ම 2015 ජනවාරි 08 වනදා මෙරට පොදු ජනතාව විසින් බලයෙන් ඉවත් කල කණ්ඩායම පක්ෂය දෙකඩ කර පක්ෂයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත ලෙස කටයුතු කරමින් සිටියි. ඔවුන් සමග ද සන්ධාන ගතවීමට ද එකගවිය නොහැකිය.

5. නවීන ලෝකය සමග ඉදිරියට ගමන් කරන රටක් බවට දේශය පත්කරලීම සදහා නව සමාජ ආර්ථික වැඩ පිළිවෙළක් මත පදනම් වූ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට ශ්‍රිලනිප ය පත්කරලීමට නායකත්වය ගැනීම.

මෙම යෝජනා ජනාධිපති සිරිසේන වෙත යොමුකරමින් පක්ෂ සංවිධායකවරුන් ඉල්ලා ඇත්තේ මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ද තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙසය.

චන්ද්‍රිකාගේ දැඩි ස්ථාවරය

කෙසේ වෙතත් මේ යෝජනා ජනාධිපති සිරිසේන මහතා වෙත යොමුකළ හිටපු ජනාධිපතිනියගේ ලිපියේ, 2015 දී බලය ලබාදීමට ඉදිරිපත් කරන ලද දර්ශනයට සහ වැඩපිළිවෙළට ද්‍රෝහී නොවන ලෙස දැඩිව අවධාරණය කර ඇති අතර රාජපක්ෂ රෙජීමයට අදාල විරෝධයද පැහැදිලිව දක්වා ඇත.

පහත දැක්වෙන්නේ හිටපු ජනාධිපතිනිය විසින් ජනාධිපති සිරිසේන වෙත යොමුකළ ලිපිය සහ සංවිධායකවරුන් යොමුකර ඇති යෝජනා ඇතුලත් ලිපියයි.







































ජනතාවට ලබා දුන් අපේක්ෂාවන් පාවා දෙමින් ....

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන් හා සංවිධායකයින් එක්සත් ජාතික පක්ෂය සමග හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවට) සමග හෝ සන්ධානගතවීමට දැඩි ලෙස විරෝධය පළකර ඇතිබව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනවාරි 03දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකළ ලිපියක ද සඳහන්වේ.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනවාරියේ දී ජනතාවට ලබා දුන් අපේක්ෂාවන් පාවා දෙමින් එය තුට්ට්‍ටුවකට මායිම් නොකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිතුවක්කාර ලෙස කටයුතු කර ඇතැයි සඳහන් කරමින් ද එම තත්වයන් වෙනස් කරන ලෙස ඉල්ලමින් ද ඇය පසුගිය නොවැම්බර් 15 සහ 03 වන දින දෙකේදී ශ්‍රීලනිප අනුශාෂිකාව ලෙස ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම් දීම් 2ක් සිදු කර තිබිණ.

විශේෂයෙන්ම ඇයට ශ්‍රී ලනිපයේ මධ්‍යකාරක සභාව නියෝජනය කිරීමේ අවස්තාව වැලැක්වීම ගැනත් ඇය එහිදී දොෂාරෝපණය කර තිබිණි.

එමෙන්ම පසුගිය ජනවාරි 03 වන දිනද ඒ සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින්, පෙර ලිපි සම්බන්ධයෙන් නොසලකා කටයුතු කිරීම ගැනත් පක්ෂය දෙකඩ කර වෙනත් පක්ෂයක් නිර්මාණය කළ රාජපක්ෂ පාර්ශ්වය යළි පක්ෂය වෙත කැඳවාගෙන එම ද්‍රෝහී ක්‍රියාවක් ලෙස ඇය දැඩි ලෙස විවෙච්නය කර තිබේ.

2015 ජනාධිපතිවරණයේ දී විපක්ෂයෙ පොදු අපෙක්ෂකයා ලෙස සිරිසේන මහතාව යෝජනා කර ඒ වෙනුවෙන් අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් වල සහය ලබා ගැනීමට ඇය සිදු කළ මැදිහත් වීම ගැනත් එදා සිරිසේන මහතාගේ අවංක භාවය සහ විශ්වාසය ගැන විශ්වාස කරමින් ඇය කටයුතු කළ ආකාරය ගැනත් මෙහිදී ජනාධිපතිවරයාට මතක් කර දී තිබේ.

ඔක්තොබර් 26 වන දිනෙන් පසුව සිරිසේන මහතා විසින් කටයුතු කළ හිතුවක්කාර ආකාරය නිසා එදා පොදු අපෙක්ෂකයා ලෙස ඔහුව නම් කිරීම සම්බන්ධයෙන් ඇයටද අද ශ්‍රීලනීප ඇතුලු සිරිසේන මහතා වෙනුවෙන් සහය පළ කළ ජනතාවගේ දැඩි දොෂා රෝපණයට ලක්ව තිබෙන බවද මෙම ලිපියෙහි සඳහන් කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka