gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඌවේ අලුත් ආණ්ඩුකාරට මහ ඇමති චාමරගෙන් දැඩි විරෝධය...ඉවත් නොකලොත් මහ ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව කියයි

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 04 වැනිදා පත්කරන ලද රංජිත් කීර්ති තෙන්නකෝන් මහතාට එම පළාත් මහ ඇමතිවරයා වන චාමර සම්පත් දසනායක මහතා ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා වෙනත් තැනකට යොමු නොකරන්නේ නම් ඌව පළාත් සභාවෙන් ඉවත් නොකරන්නේ නම් තමන් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ යයි වූයේ මහ ඇමතිවරයා කියා සිට ඇතැයි ද වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ඔහු දකුණු පළාත් සභාවට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර දකුණු පලාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා ඌව පලාත් සභාවට පත් කිරීමට කටයුතු කර ඇත.

මෙම දැඩි විරෝධයට හේතුවී ඇතැයි පැවැසෙන්නේ පසුගිය කාලයේ දී ආන්දෝලනයකට ලක්වූ ගුරුවරියක් දණ ගැස්වීමේ සිද්ධිය මෙන්ම උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විරෝධය දක්වමින් පෙනී සිටිමින් එහි ප්‍රධාන චූදිතයෙක් බව ඌව මහ ඇමතිවරයා පත්ව සිටීමත්ය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka