gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුමන්ත්‍රණයේ හානිය මහ බැංකුව හෙලිකරයි !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද "පෙරදැක්ම 2019" නම් ප්‍රකාශනයෙන් මෙරට ආර්ථිකය 2018දී අභියෝග රැසකට මුහුණ දුන් බව සඳහන් කරන අතර එහි දින 52ක් පුරා පැවැති දේශපාලන අස්ථාවරත්වය නිසා ආර්ථිකයට අතිශය බරපතල තත්ත්වයක් ඇතිවූ බව දක්වා තිබේ.
එම ප්‍රකාශයේ සිව් වැනි පිටුවේ "විශේෂයෙන්ම වසරේ අවසාන කාර්තුවේ දී ඇතිවූ දේශපාලන විශේෂිතතාවය සමස්ත සාර්ව ආර්ථික තත්වයට ඇති අභියෝග වඩාත් දැඩි කළේය" යනුවෙන් සඳහන් කරයි.

වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, "2018 වසරේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැවැති මන්දගාමී ක්‍රියාකාරිත්වය හේතුවෙන් කාර්මික අංශයේ වර්ධනය අඩුවිය” යනුවෙනි.

එම ප්‍රකාශනයේ 32 වැනි පිටුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ අදාළ තත්ත්වය රාජ්‍ය ණය සම්බන්ධයෙන් වඩාත් බරපතළ අනතුරක් නිර්මාණය කරන ලද බවය.

දේශපාලනික අස්ථාවර භාවය හේතුවෙන් රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේදී 2018 දී බරපතළ අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදුවිය.

"විශේෂයෙන්ම 2018 වසරේ අවසාන කාලයේදී රාජ්‍ය සුරකුම්පත් මත ඵලදා අනුපාතිකය ඉහළ යාමක්" ආදී වශයෙන් ගිනි පොලියට ණය ලබා ගැනීමට සිදුවීම එහි සඳහන් කර ඇත.

එමෙන්ම එම ප්‍රකාශනයේ 38 වැනි පිටුවේ තිබෙන සමාලෝචනයේදී තදින් අවධාරණය කර ඇත්තේ, ආර්ථිකය තර්ජිත මට්ටමක තිබෙන බවයි.

"තවදුරටත් අභියෝග සහ තර්ජන පවතින බව අප වටහා ගෙන ඇති අතර, සමස්ත සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරය මත තවදුරටත් පීඩනයක් ඇති කළ හැකි අවදානම් රාශියක් ද පවතී" යනුවෙන් දේශපාලන අස්ථාවරත්වයන් පසුව වඩාත් දරුණු අතට හැරුණු අයුරු පැහැදිලි කර ඇත.

දින පනස් දෙකක් පුරා ක්‍රියාත්මක වූ එම දේශපාලන අස්ථාවරත්වය තුළ ආර්ථිකයේ සියලු අංශ තර්ජනයට ලක්වූ අතර ඉන් සිදු වූ බිඳවැටීම දළ වශයෙන් රුපියල් කෝටි අසූ දෙදහසක් පමණ වන බව ඇතැම් විශ්ලේෂකයන් විසින් මීට ඉහතදී පෙන්වා දී තිබිණි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka