gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ ප්‍රශ්න අපි විසඳාගන්නම්. අත දාන්න එපා ! - කාදිනල් හිමි විදෙස් රටවලට කියයි

ශ්‍රීලංකාවේ සමාදානය, සහජීවනය ගැන ප්‍රශ්නයක් පවතින්නේ නම් ඊට විසඳුම් අපට සොයාගත හැකි හෙයින් ඒවාට අත නොදමා සිටින මෙන් ලෝකයෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

එවන් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ මාර්ගය අප අදහන ආගම්වල තිබෙන බවත් විශේෂයෙන්ම බෞද්ධාගමේ තිබෙන බවත් පෙන්වා දුන් එහිමියෝ අවශ්‍ය නම් අපට උදව් වන ලෙසත් අවශ්‍ය නැතිනම් තමන්ගේ වැඩක් බලාගන්නා ලෙසත් මෙරටට පැමිණ අපේ තත්වය අවුල් කිරීමට කටයුතු නොකරන ලෙසත් ඉල්ලා සිටියෝය.

ඒ හිමියන් මේ බව සඳහන් කළේ, පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි චරිතය අළලා ලියැවුණු "අංජලිකරණීයෝ" කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට ඊයේ (05) එක්වෙමිනි.

අපේ රටට, රටේ කීර්තියට කැළැල් කරන බොහෝ දෙනෙකු බටහිර යුරෝපය ඇතුළු රටවල ජීවත් වන බව පැවසූ කාදිනල් හිමියෝ ශ්‍රී ලංකාව තුළ ආගමික විවිධත්වය පිළිනොගන්නා බවට චින්තනයක් ඇතැම් පුද්ගලයින් විසින් ලොව පුරා පතුරුවා හැරීම කණගාටුවට කරුණක් බව ද පැවසූහ.

"අපේ රට ගහකට සමාන කළොත්, මේ ගහේ මුදුන් ලීය තමයි බුද්ධාගම. ඒ මුදුන් කඳට සම්බන්ධ වෙච්ච අතු, අපි සියලු දෙනා විවිධ ආගම් අදහන අය ඉතාමත්ම ලස්සනට මේ රටේ ජීවත් වෙනවා." යනුවෙන් සඳහන් කළ එහිමියන් වැඩිදුරටත් අවධාරණය කළේ විදෙස් රටවල් ඒවායේ නිෂ්පාදනය කරන අවි ආයුධ අපේ රටට ලබාදී අප එකිනෙකා කෙටවීමට උත්සාහ නොකළ යුතු බවයි.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka