gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හමුදාවෙන් මරා දැමුවන්ට තාමත් මරණ සහතිකයක්වත් නෑ - විග්නේෂ්වරන් කියයි

වසරේ සිට උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ආරක්‍ෂක අංශ අතින් මියගිය එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේත් සාමාන්‍ය වැසියන්ගේත් මරණ පරීක්‍ෂණ කටයුතු නිසි ලෙස සිදු කොට අදාළ මරණ සහතික ලබාදී නොමැති බව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

යාපනයේ කන්දාර්මඩම් පළාතේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් මේ බව පැවසීය.
හෙතෙම කියා සිටියේ මේ තත්ත්වය අනාගතයේදී ඒ මියගිය පවුල්වල අයට ප්‍රශ්නයක්‌ හා ගැටලුවක්‌ විය හැකි බවයි.

තමන් අධිකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු කළ වකවානුවේදී මේ බව ඉතා හොඳින් දුටු බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා කවර හෝ පුද්ගලයකු මියගිය පසුව ඔහු වෙනුවෙන් මරණ සහතිකයක්‌ තිබීම ඉතා වැදගත් බවද පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් යුද සමයේදී අතුරුදන් වූවන් පිළිබඳව තොරතුරු සොයා බැලීම පිණිස පත් කළ මැක්‌ස්‌වල් පරණගම කොමිසමේදී අතුරුදන් වූවන් වෙනුවෙන් මරණ සහතික ලබාදීමට සූදානම් වුවත් ඇත්ත වශයෙන් ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් මියගිය විශාල පිරිසකට මේ දක්‌වා මරණ සහතික නොමැති බව ඔහු සඳහන් කළේය.

මෑතකදී යුද සමයේදී මියගිය තැනැත්තන් සඳහා රජයෙන් වන්දි ගෙවීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් වූ නමුත් ඊට අනුමැතිය නොලැබුණු බවත් යම් හෙයකින් කවර කාලයක හෝ එසේ ලබාදෙන වන්දි මුදලක්‌ ලබාගැනීමට මරණ සහතිකය අවශ්‍ය වන නිසා ඉතා ඉක්‌මනින් එම සහතික ලබා ගැනීමට මියගිය අයගේ පවුල්වල උදවිය කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

1983 වසරේ සිට මියගිය අය පිළිබඳව තොරතුරු හා විස්‌තර දන්නා පරම්පරාව මිය යැමට පෙර එම සහතික ලබා ගත යුතු බවත් නිසි ලෙස මරණ පරීක්‍ෂණ කටයුතු පවත්වා නැතිකම හේතුවෙන් මරණ සහතික ලබා ගැනීමේදී විශාල ප්‍රශ්නයක්‌ පැනනගින බවත් ඔහු පෙන්වා දෙයි.

(දිනසේන රතුගමගේ)


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka