gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපිට ජනාධිපති අපේක්ෂකයෝ වැඩි වෙලා - බැසිල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් වැඩි වී ඇති බවත් තමන්ට ඇති ප්‍රශ්නය එය බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

"අපෝ, අපට අපේක්ෂකයෝ වැඩිවෙලා දැන්. ඒකයි වෙලා තියන දැන් ප්‍රශ්නේ" යනුවෙනුයි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ.

තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහුට ජනාධිපතිවරණයට තරග කළ නොහැකි තත්වයක් නිර්මාණය කර ඇති බැවින් සුදුසු අපේක්ෂකයෙක් තීරණය කිරීම ඔහුටම භාරකර ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

එසේම, දැනට රටේ පවතින එකම ක්‍රියාශීලී පක්ෂය පොහොට්ටු පක්ෂය බව පැවසූ ඒ මහතා දැනටමත් තමන් සමඟ එක්වීමට පක්ෂ සහ සංවිධාන 29ක් සූදානමින් පසුවන බව ද සඳහන් කළේය.

තමන් පොහොට්ටු සාමාජිකයකු බවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හැරියේ 2015 ජනවාරියේදීම බවත් සඳහන් කළ ඒ මහතා එසේ කළේ අලුතින් පක්ෂයක් පිහිටුවීමට බවත් 2018 පෙබරවාරියේ ජනතාව වැඩියෙන්ම ඡන්දය භාවිතා කළේ තම පක්ෂයට බවත් පෙන්වා දුන්නේය.

 basil rajapaksa contact number, basil rajapaksa phone number, basil rajapaksa mobile number
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka