gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ වසරේ පොහොට්ටු ජනාධිපතිවරයෙක් - බැසිල් කියයි

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බවත්, නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුණු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක්‍ෂා කරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
බැසිල් රාජපක්‍ෂ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසනයේ තරුණ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ (13) එක්වෙමිනි.

මෙය හුදු ප්‍රකාශයක් පමණක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරක් ගතවන විට වසර 72ක් පැරණි එජාපයටත් වසර 67ක් පැරණි ශ්‍රී ලනිපයටත් වසර 53 කට වඩා පැරණි ජවිපේටත් සමහර දිස්ත්‍රීක්ක වලින් එක් කොට්ඨාසයක් හෝ දිනාගත නොහැකි තත්වයට පත්කිරීමට තම පක්‍ෂයට හැකිවූ බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ඉදිරි ඕනෑම මැතිවරණයකදී දිස්ත්‍රීක් 19 ක් තම පක්‍ෂය ජය ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බවයි. වියත්මග සංවිධානයේ 2019 වසරේ පළමු හමුව අමතමින් 12 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා එබව අවධාරණය කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka