gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අසාද් සාලිගෙන් ජනාධිපති අපේක්ෂකයා ගැන ඉඟියක් !

පවුල් වාදය තුළ ගැටලු රැසක් නිර්මාණය වී ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්වනු ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයකු වෙනුවෙන් කියා නිම කළ නොහැකි කාර්ය භාරයක් සිදු කළ ඔහුගේ ආගමනය මේ වන විට ප්‍රකාශ කළ නොහැකි නමුත් ප්‍රමාදවී හෝ ඔහු කරළි යට පැමිණෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට පත් අසාත් සාලි මහතා ඊයේ (20) මහනුවරට පැමිණ අස්ගිරි මහා විහාරයේ දී එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.

අනතුරුව මහනුවර මීරා මක්කම් මුස්ලිම් පල්ලිය ට ගිය ඒ මහතා එහිදී ආගමික වතාවත්වල නිරත වී පසුව මල්වතු මහා විහාරයට ගොස් එහිදී මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.

මහනායක හිමිපාණන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළකළ ආණ්ඩුකාරවරයා මෙසේ කීවේය.

"ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරිපත් වීම ගැටලු සහගතයි. ගෝඨාභය, බැසිල්, චමල්, මේ සියලු දෙනාම ජනපති අපේක්ෂකයන් ලෙස ඉල්ලන්න අපේක්ෂා කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, මම කවුරුවත් තවම නම් කරලා නැති බවයි. ඒ නිසා ඒ තුළ ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා.

දැන් කළ යුත්තේ මේ සියල්ල විසඳා ගෙන කොහොමහරි පොදු අපේක්ෂකයා ඉදිරිපත් කරන එකයි. නැත්නම් මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න බැහැ. ජනාධිපතිවරණයේදී සුළු ජාතික ඡන්ද ද ඉතා වැදගත්. ඩයස්පොරාවේ අවශ්‍යතාවයට කටයුතු කරමින් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ක්‍රියාත්මක වීම තුලින් ඡන්ද බලය අඩු වෙනවා.

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික පක්ෂ නායකයන් කරන ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයට විශාල හානියක්. තමන් නැත්නම් ආණ්ඩුවට යන්න බැහැ, අපේ අනුමැතිය නැතිව ආණ්ඩුවට වැඩක් කරන්ඩ බැහැ, යනුවෙන් එම පක්ෂ කරන ප්‍රකාශ රටට තර්ජනයක්."

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා මේක සුදුසු අවස්ථාව නොවන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර - නුවර


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka