gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ව මෙහෙයවන්න කාටවත් බැහැ - (video)

කවුරු කුමනාකාර චෝදනා එල්ල කළද රනිල් වික්‍රමසිංහ මහතාව මෙහෙයවීමට කිසිවෙකුට හෝ නොහැකි බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
වික්‍රමසිංහ මහතා ස්වාධීනව කටයුතු කරන තැනැත්තෙක් වන අතර ඔහුව මෙහෙයවීමට හැකි වන්නේ ජනාතාවට පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11)ජාතික ඖෂධ නියාමන අධිකාරිය පරිගණක ජාලගත කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබිය යුතු සහ ඉවත් විය යුතු දේ සම්බන්ධයෙන් විවාද කිරීමට හැකි නමුත් තිබෙන ව්‍යවස්ථාවෙන්ම සෑහීමකට පත්වීම සුදුසු නැති බව හෙතෙම කියා සිටියේය.

 මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ජාවක් ආරම්භ වී ඇති අතර ඊයේ ඒ පිළිබඳව කමිටු යෝජනා 05ක් ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කතා කිරීමට අයිතියක් නොමැති අතර හැකිනම් ප්‍රථමයෙන් මැතිවරණයක් පවත්වන ලෙසයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාට දැනුවත්භාවයක් නොමැති බවයි.

මහින්ද රාජපක්ෂ මහතා අඩුම වාර ගණනක් පාර්ලිමේන්තුවට පැමිණි අයෙක් ලෙස එවැනි සාකච්ජා සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව හෙතෙම කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka